brand logo

ශ්‍රී ලංකාවේ දේශපාලන පරිහානිය වළක්වාගැනීමට ඍෂිවරයකුගේ පිහිට

22 August 2018

  මෙරට දේශපාලනය දිනෙන් දින පරිහානියට යන නිසා ඒ සඳහා පිළියම් යෙදීමට දේශපාලන නායකයන් එක්රැස්ව සාකච්ඡා කළ අතර ඔවුන් ඒකමතිකව තීරණය කළේ විශ්‍රාමලත් ත්‍රිපුද්ගල විනිසුරන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටය. ත්‍රිපුද්ගල විනිසුරු කමිටුව මාස 5ක් තිස්සේ විවිධ මාතෘකා ඔස්සේ විශ්ලේෂණය කරමින් පිටු 1260 කින් සමන්විත "මෙරට දේශපාලනයේ අනාගතය" යන නමින් ග්‍රන්ථයක් සම්පාදනය කර විශේෂ උත්සවයක් පවත්වා දේශපාලන නායකයන්ට පිළිගැන්වූහ. දේශපාලන නායකයන් මාසයක් තිස්සේ එම ග්‍රන්ථය අධ්‍යනය කළ ඔවුහු දේශපාලන පරිහානියෙන් මුදා ගැනීමට එම ග්‍රන්ථයේ ඇති කරුණු ප්‍රමාණවත් නොවන නිසා එම ග්‍රන්ථය ඉවත දැමීමට තීරණය කළහ. ලංකාවේ දේශපාලන පරිහානිය තවුදුරටත් උග්‍ර වීම නිසා මෙරට දේශපාලන නායකයෝ නැවතත් සාකච්ඡා ඇරඹූහ. සාකච්ඡා වට කීපයකින් පසු තීරණය වූයේ මෙරට සිටින පරිණත හා නවක දේශපාලනඥයන් කීපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිංගප්පූරුවට යවා එරට දේශපාලන ක්‍රමය අධ්‍යයනය කර මෙරටට නිර්දේශ ඉදිරිපත් කිරීම සුදුසු බවයි. එම කණ්ඩායමට දින දහයක සිංගප්පූරු සංචාරයක් ලබා දීමට ඒකමතිකව තීරණය කරන ලදී. සතියකට පසු නිර්දේශිත පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දොළොස් දෙනෙක් සිංගප්පූරුව බලා පිටත්ව ගියෝය. එම කණ්ඩායම සිංගපූරුවේ දේශපාලන ක්‍රමය ගැන අධ්‍යනය කරන අතරතුර හොඳින් විනෝද වන්නටද අමතක නොකළහ. සමහරු සුවපහසු පුටුවල මිල ගණන් සහ ඒවායේ තත්වයද පරීක්ෂා කළෝය. දින 10ක සංචාරයෙන් පසු මෙරට දේශපාලන පරිහානිය වළක්වා ගැනීමට තම කණ්ඩායමේ නිර්දේශ දේශපාලන නායකන්ට ඉදිරිපත් කළ අතර එම නිර්දේශයන් තුළ මෙරට දේශපාලනයට ප්‍රයෝගික වශයෙන් එක්කළ හැකි කරුණු කිසිවක් නොතිබුන නිසා ඒවා ද ඉවත දැමීමට දේශපාලන නායකයෝ තීරණය කළහ. මේ අතර එක්තරා ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ නමක්, ඉන්දියාවේ හිමාලයේ වෙසෙන බලගතු ඍෂිවරයෙකු ගැන හෝඩුවාවක් දේශපාලන නායකයෙකුට සපයා තිබුණි. මෙරට දේශපාලන පරිහානිය වළක්වා ගැනීමට යෙදූ සියලු උපක්‍රම අසාර්ථක වීම නිසා එම ඍෂිවරයාගෙන් හෝ පිහිටක් ලැබීමට දේශපාලන නායකයන් තීරණය කළ අතර එම කටයුත්තට ඔවුන්ම සහභාගී වීමටත් එය රහසක් වශෙයන් තබා ගැනීමත් තීරණය විය. එම කටයුත්ත සම්පාදනය කිරීම ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේට පැවරූ අතර උන්වහන්සේ ඍෂිවරයා බැහැදැකීමට දිනයක් වෙන්කර ගත්හ. වෙන්කරගත් දිනයට දින කීපයක් තිබියදී දේශපාලන නායකයෝ ඉන්දියාවේ හිමාලය බලා පිටත් වූහ. නියමිත දිනය උදා විය. සුදු පිරුවටයෙන් සැරසුන දේශපාලන නායකයෝ ඍෂිවරයාගේ කුටියට ගොස් වැඳ නමස්කාර කොට තමන් පැමිණි කාරණය සැළ කළෝය. එයට සාවධානව සවන් දුන් ඍෂිවරයා දෙනෙත් පියාගෙන ධ්‍යානයකට සමවැදුනේය. විනාඩි පහළොවක් පමණ එසේ ගත කළ ඍෂිවරයා දෙනෙත් හැර උගුර පාදාශ්‍රී ලංකාවේ දේශපාලන පරිහානිය වළක්වා ගන්නට නම් කරුණු තුනක් ඉටුවිය යුතු බවට ප්‍රකාශ කළේය. දේශපාලන නායකයෝ ඒවා අසා ගැනීමට මුව අයා බලා සිටියෝය. ඍෂිවරයා තම කටහඬ අවදි කළ අතර භාෂා පරිවර්තකයා ඒවා සිංහල බසට පරිවර්තනය කළේය. " ලංකාවේ දේශපාලන පරිහානිය නැතිවෙන්නේ මෙන්න මේ කරුණු තුන සිදුවුන දාට තමයි..." "ලංකාවේ දේශපාලන නායකයෝ තිරුපති දේවාලේ යන එක නවත්වපු දවසට." "රන්ජන් රාමනායක රනිල් වික්‍රමසිංහට දුරකතන ඇමතුමක් අරගෙන අර්ජුන් මහේන්ද්‍රන් කෝ කියල අහපු දවසට. "අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහට විවාදයකට අභියෝග කරපු දවසට" කුප්පMania  
 

More News..