brand logo

පාකිස්ථානය ජයග්‍රහණය අභියස - ඕෂධගෙන් ශතකයක්

23 December 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි. මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ ලකුණු 264ක් ලබාගත යුතු වේ. ඒ සදහා ශ්‍රී ලංකා කණ්ඩායම අතැතිව ඇත්තේ කඩුළු 3ක් පමණීයි. මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 191ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු පළමු වෙනුවෙන් ලකුණු 271ක් රැස්කර ගැනීමට සමත් විය. ඉන් අනතුරුව දෙවැනි ඉනිම වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායම කඩුළු 3ක් දැවී ලකුණු 555ක් ලබාගෙන සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට ආරාධනය කළේය. ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුනු 476ක අභියෝගයක් හිමිවිය. ඊයේ දිනය නිමාවන විට පිළිතුරු දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 102ක් රැස්කර ගෙන සිටියේය.
 

More News..