brand logo

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ මධ්‍යම ආණ්ඩුකාරවරයා අතර සුහද හමුවක්

13 February 2020

ශ්‍රී ලංකාවේ ජපාන තනාපති අකිරා සුගියාමා (AKIRA SUGIYAMA) මහතා අද (13) පෙරවරුවේ මහනුවර පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා කාර්යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා හමු විය. මෙහිදී දෙරටටම වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරයා අදහස් හුවමාරු කරගත් අතර, ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර පිළිබදව ආණ්ඩුකාරවරයා දැනුවත් කළ සුගියාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජය ගෙන යන වැඩ පිළිවෙල ද අගය කළේය. මෙම සුහද හමුව අවසානයේදී දෙරටට මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.   චමින්ද සේනාරත්න
 

More News..