brand logo

ශ්‍රී ලංකාවේ කුසලාන බලාපොරොත්තු බිඳ වැටෙයි

15 September 2018

ආසියානු සත් සාමාජික රග්බි පළමු අදියරේ කුසලාන දිනා ගැනීමේ මග අහුරාගත් ශ්‍රී ලංකාව සත්කාරක හොංකොං සමග පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 31-0 කින් පරාජයට පත්විය. ජයග්‍රාහී හොංකොං පිල උත්සාහක දිනුම් පහක් සහ ගෝල ප්‍රවර්තනයන් තුනක් සමගින් ජය සපුරා ගැණින. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයේදී පිලිපීනය හමුවේ ලකුණු 36-5 කින් ජය ලද ජපානය, හොංකොං සමගින් කුසලාන අවසන් තරගයේදී තරග වැදීමට නියමිතය. මෙම අදියරේ තුන්වැනි ස්ථානය සඳහා වන තරගයේදී පිලිපීනය සමගින් ශ්‍රී ලංකාව තරග වඳිනු ලබයි.
 

More News..