brand logo

ශ්‍රී ලංකාවෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිත කාන්තාව ‌මෙරට සංචාරය කළ ප්‍රදේශ ගැන අවධානය යොමු කෙරේ

28 January 2020

ලෝ පුරා පැතිර යන කොරෝනා වෛරසය ආසාදිත ලංකාවේ ප්‍රථම රෝගියාව ඊයේ (27) සොයා ගැනීමත් සමඟ ඇය ලංකාවේ සංචාරය කළ ප්‍රදේශ හා නවාතැන් ගත් ස්ථාන පිළිබඳ අවධානය යොමු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී පැවැසීය. චීන ජාතික කාන්තාවක් වන ඇය චීනයේ ගුබෙයි ප්‍රදේශයේ සිට මීට දින 5 කට පමණ පෙර තවත් පිරිසක් සමග සංචාරය සදහා ශ්‍රී ලංකාව ට පැමිණ තිබේ. ඇය ආපසු චීනය බලා යාමට කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණීමේදී ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව අංගොඩ IDH උණ රෝහල වෙත යොමු කර ඇය සමග පැමිණි පිරිස චීනය බලා පිටත්කර යවා ඇත. ඇයව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කරනු ලැබූ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ඇය කොරෝනා වෛරසය ආසාදිත අයකු බවයි. ඇයගේ ජානමය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කර ගැනීම සදහා ඇයගේ රුධිර සාම්පල විදේශ රටක වෛද්‍ය පරීක්ෂණාරයක් වෙත යොමු කල බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියහ. මැය ලංකාවේ කරනු ලැබූ සංචාරය අතරතුර නවාතැන් ගෙන සිටි ස්ථාන හා සංචාර කල ප්‍රදේශ සොයා බලා ප්‍රාදේශීය වසංගතය රෝග විශේෂඥ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යොදවා රෝගය පැතිර යාම වලක්වා ගැනීමට පියවර ගෙන තිබෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසා සිටියහ. මේ වන විට ආසියාවේ කොරෝනා වෛරසය ආසාදිත රටවල් 10 ක් වන බවද වෛද්‍ය වරයා පවසා සිටියහ. ඔහු තවදුරටත් අනාවරණය කළෙ මෙම කොරෝනා වෛරසය මාරාන්තික වී ඇත්තේ මහළු පුද්ගලයන් හා වෙනත් රෝගී තත්වයන් ද සහිත පුද්ගලයන් ට බවයි. කෙසේ වෙතත් මෙම රෝගය මෙරට පැතිරයාම වැළැක්වීම ට සියළුම පියවරයන් ගන්නා බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියහ. ප්‍රසංග පාවුළුහේවා කටුනායක
 

More News..