brand logo

ශ්‍රී ලංකාවෙන් චීනයට රිදෙන්නට ප්‍රහාරයක්

14 September 2018

හොංකොංහි පාපන්දු සමාජ ක්‍රීඩාංගණයේ මේ වන විට ක්‍රියාත්මක ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් චීනය ඉදිරියේ ලකුණු 31-0 පහසු ජයක් ලැබීය. ‘ඒ’ කාණ්ඩයෙන් තරගාවලිය සඳහා පිවිසි ශ්‍රී ලංකාව උත්සාහක දිනුම් 5 ක් සහ ගෝල ප්‍රවර්තන 3 ක් සමගින් මෙම ජයග්‍රහණය වාර්තා කළේය. එහිදී කෙවින් ඩික්සන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සුදම් සූරියආරච්චි, බුද්ධිම පියරත්න සහ දිනුක් අමරසිංහ රැස්කරගත් උත්සාහක දිනුම්හි ගෝල ප්‍රවර්තනයන් කෙවින් ඩික්සන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ සුදම් සූරියආරච්චිගේ පාදයන්ගෙන් වාර්තා විය. ශ්‍රී ලංකා පිල සහභාගී වන මීළග තරගය ප්‍රබල ජපානය සමග ප.ව. 2.45 පැවැත්වේ.
 

More News..