ශ්‍රී ලංකාවට ලකුණු 534ක අභියෝගයක්
02 February 2019
ශ්‍රී ලංකාවට ලකුණු 534ක අභියෝගයක්
02 February 2019
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ලකුණු 534ක් රැස්කරගනු ලැබුවා.
කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 534ක් ලබා සිටියදී ඕස්ට්‍රේලියානුවන් පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට තරගයේ දෙවන දිනය වන අද දිනයේ ආරාධනා කළා.
ඒ අනුව පළමු ඉනිමේ ලකුණු 534ක අභියෝගයක් භාරගනිමින් ශ්‍රී ලංකා පිල මේ වන විට පන්දුවට පහරදෙමින් සිටිනවා.
නොදැවී පන්දුවට පහරදෙන ලහිරු තිරිමාන්න ලකුණු 12ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 25ක් ලබාගෙන සිටිනවා.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ජෝ බර්න්ස් ලකුණු 180ක් ලබාගැනීමට සමත් වුණා.
ට්‍රෙවීස් හෙඩ් ලකුණු 160ක් ලබාගත් අතර, කර්ටිස් පැටර්සන් නොදැවී ලකුණු 114ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.
ඊට අමතරව කසුන් රජිත සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවාගත්තා.