brand logo

ශ්‍රී ලංකාවට ලකුණු 372ක අභියෝගයක්

03 January 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 371 ක් ලබාගැනීමට සමත් වුණා. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ මාර්ටින් ගුප්ටිල් ලකුණු 138ක් රැස්කර ගත්තා. ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් ද ඇතුළත් වනවා. ඊට අමතරව කේන් විලියම්සන් ලකුණු 76ක්, රොස් ටේලර් ලකුණු 54ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ නුවන් ප්‍රදීප් කඩුළු දෙක බැගින් දවා ගත්තා. ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 372 ක් ලබාගත යුතු වනවා.
 

More News..