brand logo

ශ්‍රී ලංකාවට ලකුණු 364ක අභියෝගයක්

08 January 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී නවසීලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට ලකුණු 364ක අභියෝගයක් ලබාදී තිබෙනවා. නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 4ක් පමණක් දැවී නවසීලන්ත පිතිකරුවන් ලකුණු 364ක් ලබාගැනීමට සමත් වුණා. එහිදී නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් ලකුණු 137ක් ලබාගත්තා. ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ද ඇතුළත් වනවා. නොදැවී පන්දුවට පහරදුන් හෙන්රි නිකලොස් ලකුණු 124ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා. ලක්ෂාන් සදකැන් එක් කඩුල්ලක් දවාගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවට පහරදෙමින් සිටිනවා. පන්දුවාර 18කදී කඩුළු 4ක් දැවී ලකුණු 118ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටිනවා.
 

More News..