brand logo

ශ්‍රී ලංකාවට ලකුණු 361ක අභියෝගයක්

31 January 2020

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා පිලට ලකුණු 361ක අභියෝගයක් හිමිව තිබේ. මෙම තරගයේ දෙවන ඉනිම සදහා පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල කඩුළු 7ක් දැවී ලකුණු 247ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා පිලට පන්දුවට පහරදීම සදහා ආරාධනා කර සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල මේ වන විට පිළිතුරු දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටීයි. මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් සිම්බාබ්වේ පිල ලකුණු 406ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිල ලකුණු 293ක් රැස්කර ගත්තේය.
 

More News..