brand logo

ශ්‍රී ලංකාවට ලකුණු 327ක අභියෝගයක්

25 November 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය සදහ තරගය අද පස්වරුවේ නිමාවට පත්වුණා. දිනය අවසාන වන විට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 53ක් රැස්කර ගෙන සිටියා. ලකුණු 327ක අභියෝගයක් භාර ගනිමින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය සදහා තවත් ලුණු 274ක් අවශ්‍ය වී ඇති අතර, ඒ සදහා හෙට සහ අනිද්දා දෙදිනම ඇති නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇත්තේ තවත් කඩුළු 6ක් පමණයි. පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමේදී දිමුත් කරුණාරත්න ලකුණු 23ක් ලබාගත්තා. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 336ක් රැස්කර ගැනීමට සමත් වූ අතර පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 240ක් පමණයි. අනතුරුව දෙවැනි ඉනිම සදහා එංගලන්ත කණ්ඩායම ලකුණු 230ක් ලබාගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 327ක් ඉලක්කයක් හිමිවුණා. හෙට මෙම තරගයේ සිව්වැනි දිනයයි.
 

More News..