brand logo

ශ්‍රී ලංකාවට ලකුණු 301ක අභියෝගයක්

17 November 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට අවස්ථාව හිමිවී තිබෙනවා. ඒ ලකුණු 301ක අභියෝගයක් ද සමගයි. අද දිනය ආරම්භයේදීම එංගලන්ත දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව දෙවැනි ඉනිම වෙනුවෙන් එංගලන්තය ලකුණු 346ක් ලබාගැනීමට සමත් වුණා. එහිදී ජෝයි රූට් ලකුණු 124ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අකිල ධනංජය කඩුළු 6ක් දවාගත්තා. එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 290ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකාව පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 336ක් රැස්කර ගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 301ක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ෙම් වන විට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහර ෙදමින් සිටිනවා.
 

More News..