brand logo

ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්

09 August 2018

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති 4 වන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ආරම්භ කිරීම පැය දෙකහමාරක් පමණ ප්‍රමාද වුණා. එම නිසා එක් ඉනිමක් පන්දුවාර 39කට සීමා කිරීමටයි තීරණය කෙරුණේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 306ක්. දසුන් ශානක පන්දු 34 කදී ලකුණු 65ක් ලබා ගත්තේ හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමගින්. තිසර පෙරේරා නොදැවී ලකුණු 51යි. කුසල් ජනිත් පන්දු 32කදී වේගවත් ලකුණු 51ක් රැස් කළා. අනතුරුව යළි තරගයට වර්ෂාවෙන් විටින් විට බාධා එල්ල වුණා. ඒ අනුව දකුණු අප්‍රිකාවට තරගය ජය ගැනීම සදහා පන්දුවාර 21කදී හිමි වූ ඉලක්කය ලකුණු 191ක්. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 21 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187ක් පමණයි. ජේ පී ඩුමින් ලකුණු 38යි. පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් කඩුලු 3ක් බිද හෙලුවා.
 

More News..