brand logo

ශ්‍රී ලංකාවට ලකුණු 297ක ඉලක්කයක්

16 January 2022

සිම්බාබ්වේ ක්‍රීඩකයින් ලකුණු රැස් කළ හැටි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින ගැටුමේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබාගැනීමට සමත්විය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Sean Colin Williams හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමග ලකුණු 100ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට වැය වූයේ පන්දු 87ක් පමණි. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දු 81කදී අගනා ලකුණු 72ක් රැස්කළ Regis Chakabva  හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමඟ පිටිය වර්ණවත් කළේය. අද සිය මංගල එක්දින ඉනිමට පිටියට පිවිසි Takudzwanashe Kaitano සිම්බාබ්වේ කණ්ඩායමට අගනා ආරම්භයක් ලබාදෙමින් ලකුණු 42ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 9යි පන්දු 5කදී ලකුණු 65කට චාමික කරුණාරත්න කඩුලු 3ක් දවාගනු ලැබීය. නුවන් ප්‍රදීප් සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.
 

More News..