brand logo

ශ්‍රී ලංකාවට ඕස්ටේලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබාදීමට මැදිහත්වනවා

06 December 2019

ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඬේවිඩි හෝලි (David Holly) මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා හමු විය. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත තමාගේ සහ ඕස්ටේ‍්‍රලියානු රජයේ සුබ පැතුම් පළ කළ මහ කොමසාරිස්වරයා නව දැක්මකින් ඉදිරියට යන ශ‍්‍රී ලංකාවට ඕස්ටේලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබාදිමට මැදිහත්වන බව පැවසීය. ශ‍්‍රී ලංකාව හා ඕස්ටේ‍්‍රලියාව අතර ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට කටයුතු කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණි.
 

More News..