brand logo

ශ්‍රී ලංකාවට ඒමට නියමිතව සිටි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයාට කොවිඩ්

25 September 2020

තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක අබු ජයිඩ් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා තිබේ. අදාළ වයිරසය ආසාදනය වූ දෙවැනි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයා ජයිඩ් වූ අතර ඔහුට පෙර ඉකුත් සතියේදී පිතිකරුවක වන සයිෆ් හසාන්ට වයිරසය වැලැඳී තිබුණි. ඉකුත් 22 වැනිදා සිදුකරන ලද වයිරස පරීක්ෂණයේදී ජයිඩ් හැරුණු විට සෙසු ක්‍රීඩකයින්ට වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා සංචාරය සඳහා එක්වීමට අපේක්ෂාවෙන් පසු වූ බංග්ලාදේශ ක්‍රීඩකයින් 27 දෙනෙක් සහභාගි වූ බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බංග්ලාදේශ ක්‍රිකට්හි ක්‍රීඩා වෛද්‍ය ඩෙබාෂිෂ් චෞද්රි ‘ජයිඩ් මේ වන විට හුදකලාව ප්‍රතිකාර ගන්නා අතර ඔහුව වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත’යි යනුවෙන් කියා තිබේ. ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බංග්ලාදේශය මේ මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටී.
 

More News..