brand logo

ශ්‍රී ලංකාවට එන අපේ අය ගැන බියවෙන්න එපා චීන තානාපති කාර්යාලය

31 January 2020

කොරෝනා වෛරසය පාලනය කිරීමට චීනය සමත් වී සිටින බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතිකයන් පිළිබඳ ලාංකික ජනතාව බිය විය යුතු නැති බවත් චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ චීන නව වසර උදාවෙන් පසු උත්සව සමය සඳහා සිය රට ගොස් සිටි චීන ජාතිකයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීමට චීනය විසින් අදාළ පියවර ගෙන ඇති බවයි. ඒ අනුව වූහාන් නගරය වෙත ඇතුළු වීම සහ ඉන් පිටවීම තාවකාලිකව නවතා ඇති අතර එහි වාසය කරන ජනතාවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කරා ගමන් කිරීමට අවකාශ නොමැත. එසේම හුබෙයි පළාතේ චීන සමාගම් සේවකයන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වැළකී සිටින ලෙස තානාපති කාර්යාලය උපදෙස් ලබාදී ඇත. එසේම වෙනත් පළාත්වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන කාල සීමාවකට යටත් කරනු ලැබේ. තවද චීන බලධාරීන් විසින් සියලුම චාරිකා අත්හිටුවා ඇත. මීට අමතරව කොරෝනා රෝගීන් යැයි සැක කෙරෙන පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම සඳහා චීන බලධාරීන් විසින් සියලුම ගුවන් තොටුපොළ සහ ප්‍රවාහන මධ්‍යස්ථානවල දැඩි පරීක්ෂණ පවත්වන බවද තානාපති කාර්යාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. නයන තරංග ගමගේ
 

More News..