brand logo

ශ්‍රී ලංකන් - මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය යළි දීර්ඝ කෙරේ

27 May 2019

ශ්‍රී ලන්කන් හා මිහින්ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කාලය යළිත් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව එම කොමිසමේ කාලය ලබන ජූනි මස 30 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය අද (27) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වෙයි. 2006 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 2018 වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලන්කන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පුද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් 2018 වසරේ ජනවාරි මස 31 වැනි දින මෙම කොමිසම පත් කරනු ලැබීය.
 

More News..