brand logo

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගන්න නියෝගයක්

03 February 2020

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ප්‍රංශයේ Air Bus SAS සමාගම සමග A 330-900 ගුවන් යානා හතරක් සහ A 330-300 වර්ගයේ ගුවන් යානා 6 ක් මිලදී ගැනීමේ ගණුදෙනුවට අදාලව මුදල් විශුද්ධි කරන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය. එම ගණුදෙනුවේදී සිදුවු මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් විමර්ශන වාර්තා සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
 

More News..