brand logo

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෛද්‍ය මධ්‍යස්ථානයේ කිසිදු ගැටලුවක් නැහැ

24 March 2020

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සභාපති මේජර් ජනරල් ජ් ඒ චන්ද්‍රසිරි මහතා යටතේ පවතින ඒ ඒ එස් එල් නම් ආයතනයෙන් කොරෝනා බවට සැකකෙරන රෝගියෙකු පසුගියදා ප්‍රථිකාර ලබා ගෙන තිඛේ. මේ හේතුවෙන් අදාල රෝගියාට ප්‍රථිකාර කළ ඒ ඒ එස් එල් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය නිශාන් මහතා ස්වයං නිරෝධානයට ලක්ව ඇත. ඒ අනුව අදාල වෛද්‍ය මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය අංශයට භාර  දී තිඛේ. කෙසේවෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනිමේදී සිදුව ඇති යම් අතපසුවීමක් මත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරියන් සම්බන්ධයෙන් පුවතක් අප පසුගියදා වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ එවැනි කිසිදු ගැටලුවක් සිදුව නොමැති අතර ඒ ඒ එස් එල් නම් වෛද්‍ය මධ්‍යස්ථානය මෙලෙස තාවකාලිකව වසා දමා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය අංශයට භාර  දී ඇති බව පසුව අනාවරණ වුණා. මේ හේතුවෙන් අප පළකල පුවත මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය අනෝමි ජයසිංහ මහත්මියට සිදුවු අපහසුතාව පිළිබද අප බලවත් කණගාටුව පලකරන්නෙමු. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියතු වෛද්‍ය අනෝමි ජයසිංහ මහත්මිය දිගටම සේවයට වාර්තා කර තිඛේ. කිසිදු ගැටලුවකින් තොරව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ.
 

More News..