brand logo

ශ්‍රී ලංකන් කොළඹින් කටුනායකට පසුබසී

22 June 2019

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සියලුම කාර්යාල කටුනායකට රැගෙන යාමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත. කටුනායක පිහිටා තිබූ එම සමාගමට අයත් වෙළෙඳ, ප්‍රවර්ධන, මහජන සම්බන්ධතා මාධ්‍ය අංශ 2011 වසරේදී කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට රැගෙන විත් තිබුණේ එම සමාගමේ සේවාවන් ප්‍රවර්ධනය කිරීමට හා ගනුදෙනුකරුවන්ගේ පහසුව තකාය. ගුවන් සමාගම ලබන මූල්‍යමය පාඩු අවම කර ගැනීමට බව කියමින් මේ වන විට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාල ඉවත් කිරීම ආරම්භ කර ඇති අතර ගුවන් ටිකට්පත් අලෙවි අංශයක් කුඩා කොටසකට දැමීම නිසා එහි එන ගුවන් මගීන් දැඩි විරෝධය පළ කර ඇත. ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා සපයන ජාතික ගුවන් සේවයේ ප්‍රධාන කාර්යාල කොළඹින් ඉවත් කර යාම මගින් වෙළෙඳ කටයුතු ඇතුළු සියලු ප්‍රවර්ධන කාර්යයන් ඇනහිටින බැවින් මේ වෙනුවට කොළඹ වෙනත් ගොඩනැගිල්ලක හෝ ස්ථාපිත කිරීමට ස්වාධීන මණ්ඩලයක් පත් කර මේ ගැන සොයා බලන ලෙස ශ්‍රී ලන්කන් සේවකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව පැමිණිලි කර ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..