brand logo

සමන් දේව ප්‍රතිමාවන් හා දේව ආභරණ මාර්ග හතරක් ඔස්සේ අද ශ්‍රී පාදස්ථනයට වැඩම කෙරේ

10 December 2019

2019 – 2020 වර්ෂයේ ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කරමින් සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණපැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහා විහාරයස්ථානයේ සිට ශ්‍රී පාදස්ථනය දක්වා වැඩම කරවීම අද (10) දින මාර්ග හතරක් ඔස්සේ සිදුකෙරෙමින් තිබේ. මෙවර 2019-2020 සිරිපා වන්දනා වාරය ආරම්භ කරමින් දෙසැම්බර් 9වන දින පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් දේශණයක් පැවැත්වුනු අතර අද (10) පෙරවරුවේ එම විහාරස්ථානයෙන් සමන්දේව ප්‍රතිමා හා දේවාභරණ සහිතව ආරම් වූ පෙරහර 4ක් හැටන්,සිරිපාගම, බලංගොඩ හා එරත්න මාර්ග ඔස්සේ සිරිපා මළුව දක්වා ගමන් කරන අතර හෙට දින( 11 ) පෙරවරුවේ දේව ප්‍රථිමා හා දේවාභරණ උඩ මළුවේ තැන්පත් කර පූජෝපහාරයන් හා වතාවත් සිදුකර 11වන දින පටන් වෙසක් පුර පසලොස්වන පොහෝදින දක්වා සිරිපාදය බැතිමතුන්ට වන්දනා මාන කර ගැනීමට අවස්තාව උදා වේ. කුරුවිට ප්‍රාදේශීය ලේකම්වරියගේත් හා කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමරත්න මල්කැකුල මහතාගේත් කුරුවිට හා එරත්න ප්‍රදේශවාසීන්ගේ බලවත් ඉල්ලීම මත මෙවර ඉතිහාසයේ ප්‍රථම වරට කුරුවිට එරත්න මාර්ගය ඔස්සේද සිරිපා මළුව දක්වා සමන්දේව ප්‍රථිමාව හා දේවාභරණ සහිත පෙරහරක් ගමන් කරවීම සිදුවුනු අතර ඒ සඳහා මගදිගට ජනතාව මහත් බැතියෙන් පූජෝපහාර සිදුකරනු අයුරු දක්නට ලැබිණි. මෙම පෙරහර හතර ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති සබරගමුව පලාතේ සංඝණායක අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මධින්න නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඇතුලු කුරුවිට, අහැලියගොඩ, පැල්මඩුල්ල, සීතාවක, හැටන්, ගිනිගත්හේන, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා රත්නපුර කොඨ්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ , රත්නපුර මූලස්ථාන පොලිද් පරීක්ෂක රොහාන් ඔල්ගල, යන මහත්වරුන් ඇතුළු සිරිපාගඹ. පැල්මඩුල්ල, කුරුවිට, අහැලියගොඩ, සීතාවක හැටන් බලංගොඩ යන පොලිස්ස්ථානාධිපතිවරුන් ඇතුළු නිළධාරීන්ගේ පූරන අධීක්ෂණ්‍ය හා ආරක්ෂාව හා මැද ගමන් කරමින් තිබේ.
 

More News..