brand logo

ශ්‍රීලනීප - පොදුජන පෙරමුණ අතර කිසිදු සන්ධානයක් නැහැ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

05 July 2019

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සංධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟත්වයකට පැමින නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුන අවධාරණය කරයි. ඊයේ එක්සත් ජනතා නිදහස් සංධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සිදුකල ප්‍රකාශය සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරන බව අද පෙරවරුවේ කොළඹ නෙඵම් මාවතේ පිහිටි පොදුජන පෙරමුනු ප්‍රධාන කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කලේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන අතර සාකච්චා සාර්ථකව සිදුකෙරෙන නමුත් සංධානයකින් තරඟ කිරීමක් සම්බන්ධයෙන් තවමත් කිසිදු නිෂ්චිත අවසන් තීරණයකට පැමින නොමැති බව ඒ මහතා සඳහන් කළේය. වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂය විසින් නම්කොට ඇති පසුබිමක එම කොන්දේසිය යටතේ සංධානයකට එකඟවීමට පොදුජන පෙරමුන සූදානම් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි. නමුත් යම් හෙයකින් මෙම පක්ෂ දෙක අතර සංධානයක් ඇතිවන්නේ නම් ඉදිරි ජනාධීපති අපේක්ෂකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පොදුජන පෙරමුනු පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් සියලු දෙනාගේ තීරණය බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමෙන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා සඳහන් කලේය. පොදු ජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂකයා නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීම අගෝස්තු මස 11 වැනිදා ප්‍රකාශයට පත්කෙරෙන අතර මේ අවස්ථාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ ජනතා මතය අනුව පොදුජන පෙරමුණ සමග කොන්දේසි විරහිතව එකතුවීම බව ඒ මහතා පෙන්වා දුන්නේය.
 

More News..