brand logo

ශ්‍රීලනිප - පොහොට්ටු කතාවලට ජනපති කොළ එළි දල්වයි

15 August 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවත්වන සාකච්ඡා ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම්දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ ට පැවසීය. දෙපාර්ශ්වය අතර පවතින ගැටලු සහගත තත්ත්වයන් සම්බන්ධයෙන් විසඳුමකට පැමිණීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සමග තවදුරටත් සාකච්ඡා කර එකඟතාවකට පැමිණ පොදුජන පෙරමුණ සමග ඉදිරි සාකච්ඡාව පවත්වන බවද හෙතෙම තවදුරටත් කීවේය. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පෙරේදා (12 වැනිදා) ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවය. නිලන්ත මදුරාවල
 

More News..