brand logo

ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව සිව්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය ලෙස සම්මානයට පාත්‍රවෙයි

09 December 2019

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලන්කන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards) අඛණ්ඩව සිව්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ලෝක සංචාරක සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ඕමානයේ මස්කට් හි දී පසුගියදා පැවැත්විණි. මෙහිදී ශ්‍රීලන්කන් ගුවන් සේවය ‘ලොව ප්‍රමුඛ ගුවන් සේවය’, ‘ලෝකයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවය - (ව්‍යාපාරික පන්තිය), ‘ලෝකයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවය - (පිරිමැසුම් පන්තිය)’ සහ ‘ලොව ප්‍රමුඛ සංස්කෘතික ගුවන් සේවය’ යන සම්මාන සඳහා ද නිර්දේශ වන ලදී. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා ප්‍රකාශ කර සිටියේ මෙම සම්මානය ඉන්දියානු සාගර කලාපය තුළ ස්ථාවර පැවැත්මක් ඇති කිරීම සඳහා ශ්‍රීලන්කන් දැරූ අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වය සනාථ කිරීමක් වන බවයි. අපගේ සෑම ප්‍රයත්නයන් වෙළෙඳපොළ ඉල්ලුමට අනුකූල වන අතර ඉදිරි මාසවලදී තවත් සම්බන්ධතා එකතු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම ඉන්දියානු උපමහාද්වීපය වෙත සහ ඉන් පිටතට යාමට ඇති අපගේ ගෝලීය සම්බන්ධතා හේතුවෙන් කොළඹ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..