brand logo

ශ්‍රි පාද වන්දනා සමය අද සිට ඇරඹෙයි

11 December 2019

2019-2020 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (11) දින උදැසන ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි පාද උඩ මළුවේ පැවති විශේෂ ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව වන්දනා වාරය ආරම්භ කෙරුණා. පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි රාජ මහ විහාරස්ථානයේ ශ්‍රි පාද අවාරයේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාවන් , දේව ආභරණ සහ පුජා භාණ්ඩ (11) අලුයම වන විට මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද උඩ මළුව දක්වා වැඩම කරනු ලැබිණ. පැල්මඩුල්ල, රත්නපුර,අව්ස්සාවේල්ල,යටියන්තොට,හැටන් , මස්කෙලිය නල්ලතන්නිය දක්වා එක් පෙරහැරක්. පැල්මඩුල්ල , රත්නපුර , ශ්‍රි පාලාබද්දල , රජ මාවත ඔස්සේ තවත් පෙරහැරක්, රත්නපුර, කුරුවිට ,එරත්න මාරගය ඔස්සේද , තවත් පෙරහැරක් පැල්මඩුල්ල , බලංගොඩ , බගවන්තලාව හරහා නල්ලතන්නිය දක්වාද වැඩ කරනු ලැබුහ. ශ්‍රි පාදස්ථානය පුජා නගරයක් බවට ගැසට් නිවේදනයක් බවට පසුගිය දා ප්‍රකාශයට පත් කිරිමත් සමග තායිලන්තයේ සිට මෙරටට වැඩ කරනු ලැබු බුද්ධ ප්‍රතිමාවක්ද ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිමට සමගාමිව (11) දින ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් විසින් ශ්‍රි පාද උඩමළුවේ තැන්පත් කර එම බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරිමද (11) දින සිදු කරනු ලැබුහ. ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කල (11) දිනයේ සිල් සමාදම් විමට සහ ශ්‍රි පාදය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේත් , රත්නපුර මාර්ගය ඔස්සේත් දිවියිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටිහ. 2018-2019 ශ්‍රි පාද වන්දනා වාරයට පැමිණිමේදි පරිසරය රැක ගනිමින් ශ්‍රි පාදස්ථානය පුජනිය ස්ථානයක් ලෙස සලකා ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙස ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිහ. ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කල (11) දිනයේ ශ්‍රි පාද උඩ මළුව විවිධ මල් වලින් සරසා තිබු අතර 2019-2020 ශ්‍රි පාද වන්දනා වාරයේදි ශ්‍රි පාද උඩ මළුව කේන්ද්‍ර කර ගනිමින් විවිධ පින්කම් ගණනාවක් පැවැත්විමට සැලසුම් කර ඇති බවයි ශ්‍රි පාදස්ථනාධිපති හිමියන් ශ්‍රි පාද වන්දනා වාරය අරම්භ කරමින් කියා සිටියේ. ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් මාර්ගය ඔස්සේත්, රත්නපුර මාර්ගය ඔස්සේත් යටිතල පහසුකම් රත්නපුර සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යයාලය මගින් සහ අදාලා පලාත් පාලන ආයතන මගින් සලසා තිබෙන අතර වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අවශ්‍යය ආරක්ෂාව සලසා දිමට පොලිසිය විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක්ද දියත් කර ඇත. වටවල සිතාර ඉරාෂ්
 

More News..