brand logo

ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය මොහිනි ඇල්ලේ සිට නල්ලතන්නිය නගරය දක්වා පුළුල් කෙරේ

06 December 2018

එළඹෙන ශ්‍රි පාද වන්දනා වාරයට ප්‍රථම හැටන් ශ්‍රි පාද මාර්ගයේ නල්ලන්නිය මොහිනි ඇල්ලේ සිට නල්ලතන්නිය දක්වා වු ප්‍රධාන මර්ගය කපා පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් ආරම්භ කර ඇත. මෙතෙක් එම මාර්ගය එක් වාහනයකට පමණක් ධාවනය කිරිමට අඩි 8 පමණ මාර්ගයක් තිබු අතර එම මාර්ගය මං තිරු දෙකක් වශයෙන් ප්‍රතිසංස්කරණය කරන බව නොර්වුඩ් මහ මාර්ග කාර්යයාලයේ විධායක ඉංජිනේරු කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය මහතා කියයි. මවුස්සාකැලේ ජලාශයට ඉහලින් ඉහල කදු මුදුණේ සිට පරිසර හිතකාමි ලෙස පස් කපා ඉවත් කර මෙම මාර්ගය පුළුල්කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර ශ්‍රි පාද වන්දනා සමයේදි මොහිණි ඇල්ලේ සිට නල්ලතන්නිය නගර දක්වා මාර්ගය පටු නිසා ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් රැගෙන එන රථ වාහන ධාවනයේදි ගැටළු රැසක් මතු විම හේතුවෙන් ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් කල ඉල්ලිමක් මතයි මෙම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුනේ. නොර්වුඩ් මහ මාර්ග කාර්යයාලයේ විධායක ඉංජිනේරුවරයා කියා සිටියේ 2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය මේ මස 22 දින ආරම්භ වන අතර ඊට ප්‍රථම එම මාර්ගයේ මංතිරු දෙකක් රථවාහන ගමනා ගමනයට එක් කරන බවයි. හැටන් - රංජිත් රාජපක්ෂ
 

More News..