brand logo

ශ්‍රි පාද අවාරයේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක වැඩ පිලිවෙලක් දියත් කෙරේ

21 May 2019

ශ්‍රි පාද අවාරයේ ශ්‍රි පාද මළුවේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇති බව නල්ලත්න්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය. ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ඉල්ලිමක් පරිදි ශ්‍රි පාද වන්දනා සමයේදි හැටන් මාර්ගයේ ස්ථාපනය කර තිබු ගුගුලතැන්න , රතුඅම්බලම සහ ඉදිකටුපහන යන ප්‍රදේශවල පොලිස් මුරපොරවල් වල 2019- 2020 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වන තෙක් පොලිස් නිලධාරින් රාජකාරි සදහා පොලිස් නිලධාරින් යොදවා ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ. ශ්‍රි පාද අවාරයේ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද සංචාරයේ නියැලෙන සංචාරකයන් නල්ලතන්නිය පොලිසියේ ලියාපදිංචි කර දැඩි පරික්ෂාවකට ලක් කිරිමෙන් පසු ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිමට අවස්තාව ලබාදෙන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ. ශ්‍රි පාද අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය නොකරන ලෙසට ශ්‍රි පදස්ථානාධිපති හිමියන් විසින් සංචාරකයන්ගෙන් ඉල්ලිමක්ද කර තිබුණි. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..