brand logo

ශ්‍රමිකයන් මෙරටට රැගෙන යාමට මුදල් ගන්නා ජාවාරමක්

01 March 2021

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලෙබනනයේ සිටි නැවත මෙරටට රැගෙන යාම සඳහා කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව මුදල් ජාවාරමක නිරතවන බවට තානාපති කාර්යාලයට පැමිණිලි ලැබෙන බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මව්බිමට රැගෙන යාම සඳහා මුදල් එකතු කිරිමට කිසිම පුද්ගලයකුට හෝ සංවිධානයකට බලය හෝ අවසර ලබා දි නොමැති අතර මෙවැනි ජාවාරම්කරුවන්ට මුදල් ලබාදිමෙන් වැළකෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි. මේ අතර ලෙබනනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩබැස්සවීමේ අවසරය අවශ්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබියදී, ඇතැම් ගුවන් ටිකට්පත් නියෝජිතයින් විසින් මගින්ට ගුවන් ටිකට්පත් අලෙවිකරණ බවටද තානාපති කාර්යාලය නිවේදනය කරයි. බීරූට් ගුවන්තොටුපොළ මගින්ට සීමා කර ඇති අතර, ගුවන් යානා අසුන් ගැනීම් පත්‍ර (Boarding Pass) නිකුත් කරනු නොලැබේ.
 

More News..