brand logo

ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපති ලෙස පත්කිරීම ගැන ඇමරිකාව අවධානයෙන්

19 August 2019

ශ්‍රී ලංකාවේ නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතළ හා විශ්වාසනීය වන බවද එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරන අතර සංහිඳයාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාවය අතිශයින් වැදගත් වන අවස්ථාවක මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය සහ යුක්තිය සහ වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හැල්ලුවට ලක්කිරීමක් බවද තානාපති කාර්යාලය සඳහන් කරයි.
 

More News..