brand logo

ශවේන්ද්‍රට ඇමරිකාව තහනම්

15 February 2020

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ ඔහුගේ පවුලේ අයට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මගිනි. ඒ 2009 පැවති යුද ගැටුම් සමයේ 58 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් කටයුතු කළ ඔහුට මානව හිමිකම් කඩකිරීමේ, මනුෂ්‍යය ඝාතන චෝදනා නගමින් මෙම තහනම පනවා ඇත. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මනුෂ්‍යත්වයට එරෙහි යුද අපරාධ කළ විදේශ රටවල පුරවැසියන් සහ ඔවුන්ගේ පවුල්වල අය සම්බන්ධයෙන් එවැනි තහනමක් පැනවීමට ඇමරිකානු නීතිය අනුව ප්‍රතිපාදන ඇති බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ මෙම නියෝගය නිකුත් කිරීම හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමද, සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමද වගවීමේ යාන්ත්‍රණය ධෛර්යමත් කිරීමද අපේක්ෂා කරන බවයි.
 

More News..