brand logo

ශතකයකින් ගමන් ඇරඹූ කුක් ශතකයකින්ම ගමන අවසන් කරයි

11 September 2018

මංගල තරගයේදී ශතකයක් වාර්තා කරමින් ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි එංගලන්තයේ හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් සිය ටෙස්ට් දිවියේ අවසන් තරගයේදීද ශතකයක් රැස් කරමින් වාර්තා පොත් අතරට එක් වීමට සමත් වූයේය. සංචාරක ඉන්දීය පිල සමග දැන් පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 147 ක් වාර්තා කරමින් සහ 2006 වසරේ ඉන්දියාව සමග පැවැති ඔහුගේ පළමු තරගයේ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 104 ක් රැස්කර තිබීම මත මෙම අවස්ථාව ඔහුට හිමි වී තිබිණි. මීට ඉහතදී සිය මංගල ටෙස්ට් තරගය සහ සමුගැනීමේ ටෙස්ට් තරගය යන දෙකේදීම ශතක වාර්තා කිරීමට සමත්වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත්වන ක්‍රීඩකයන් වන්නේ බිල් පොන්ස්ෆර්ඞ් (ඔස්ට්‍රේලියාව), රෙගේ ඩෆ් (ඔස්ට්‍රේලියාව), ග්‍රෙග් චැපල් (එංගලන්තය) සහ මොහොමඞ් අසාරුඩීන් (ඉන්දියාව) ය. මේ වනවිට ඇලෙස්ටෙයාර් කුක්ගේ සමුගැන්මේ සාදය ජයකින් සැමරීමේ උත්සාහයක නිරත වී සිටින එංගලන්තය, ලකුණු 464 ක ඉලක්කයක් හඹායන ඉන්දීය පිලේ කඩුලු 4 ක් ලකුණු 120 කට දවාගෙන සිටී. අද තරගයේ අවසන් දිනයයි.
 

More News..