brand logo

වෝග් ජුවලර්ස් වෙතින් 2020 ලෝක විවාහක රූ රැජිනියට රන් උපහාර

21 December 2019

පසුගියදා 2020 ලෝක විවාහක රූ රැජින ලෙස කැරලයින් ජූරී කිරුළ පැලඳුවේ මුළු මහත් ජාත්‍යන්තරය පුරාම ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන එමින් ය. එලෙසින්ම, 1984 වසරේදී ලෝක විවාහක රූ රැජින ලෙස රෝසි සේනානායක මහත්මිය කිරුළ පැලඳූ ඒ ඓතිහාසික ජයග්‍රහණය රන් අකුරෙන් ලියවූවකි. ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනාවක් දෙස් විදෙස් සම්මානයන්ට පාත්‍ර වූ ස්වර්ණාභරණ සමාගම ලෙස ජාත්‍යන්තරයේද කීර්තියට පාත්‍ර වී ඇති දිදුලන නාමයක් වන වෝග් ජුවලර්ස්, පසුගියදා ඒ අභිමානවත් රූ රැජිනියන් දෙදෙනාට සුවිශේෂ වූ රන් උපහාර දැක්වූවේය. ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දෙන ලද කැරට් 22 ස්වර්ණාභරණ වෙළඳ සන්නාමය වන “වෝග් ටස්කර් කලෙක්ෂන්” නම් වූ තේජස් පෙනුමක් ගෙන දෙන ස්වර්ණාභරණ එකතුවේ ප්‍රතාපවත් කර මාලයක් අභිනව ලෝක විවාහක රූ රැජින කිරුළ පැලඳූ කැරලයින් ජූරීට එම උපහාර උළෙලේදී මහත් අභමානයෙන් ප්‍රදානය කරන ලදී. තවද, 1984 වසරේදී ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි කර ගත් වර්තමාන කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියට රන් උපහාර දැක්වූයේ “වෝග් ටස්කර් ගෝල්ඩන් ට්‍රෆල් කලෙක්ෂන්” එකතුවේ කැරට් 22 සුපිරිසුදු රත්තරං සහ ස්වාභාවික අගස්ති සම්මිශ්‍රනයෙන් නිර්මාණය වූ අනර්ඝතම, දිගැති මාලයක් ප්‍රදානය කිරීමෙනි. “වෝග් ටස්කර් කලෙක්ෂන්” එකතුව සහ එහි දෙවන වෙළුම ලෙස එළි දක්වන ලද “වෝග් ටස්කර් ගෝල්ඩන් ට්‍රෆල් කලෙක්ෂන්” එකතුවත් ශ්‍රී ලාංකික සංස්කෘතියේ නැතුවම බැරි සංකේතයක් වූත්, තේජස, එඩිතර බව සහ ආරක්‍ෂාව පිළිබිඹු කරන්නාවූත්, හස්තියා අනුසාරයෙන් නිර්මාණය වූ සංකල්පයක් වේ.
 

More News..