brand logo

වොල්ගා- බිනෝෂ් ප්‍රේමය දෙදරයි ?

14 November 2020

කොරෝනා කාලේ බිනෝෂ්ගෙත් ජීවිතේ උඩු යටිකුරු වෙලාද? ඇත්තටම කොරෝනා ප්‍රශ්නය නිසා සංගීත කණ්ඩායමේ වැඩ කටයුතුනම් සාමාන්‍ය පරිදි කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. නමුත් මම සංගීත කටයුතු අතහැරලා නැහැ. නව නිර්මාණ තුනක වැඩ කරගෙන යනවා. ඒ නිර්මාණවල වැඩ ගොඩක් දුරට අවසන්. ඒ ගීත තුනම මියුසික් වීඩියෝ එක්කම දෙසැම්බර් මාසේ වෙද්දි එළියට ගේන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඔබේ අවලංගු කාසියක් මියුසික් වීඩියෝවේ රංගනයට සම්බන්ධ වුණේ වොල්ගා. බිනෝෂ්ගෙ ඉදිරි වැඩවලත් වොල්ගාව දකින්න් ලැබෙයිද? වොල්ගා මගෙ පළවෙනි මියුසික් වීඩියෝවෙ හිටපු පෙම්වතිය විතරයි. මම එයාව මගෙ දෙවැනි මියුසික් වීඩියෝවටත් සම්බන්ධ කරගන්නවා. බිනෝෂ්ගෙයි වොල්ගාගෙයි ඇත්ත ජීවිතෙ ආදර කතාවට දැන් මොකද වෙලා තියෙන්නෙ? මම වොල්ගාව දන්නෙ අවුරුදු 14ක විතර ඉඳන්.එයා මගෙ අවලංගු කාසියක් මියුසික් වීඩියෝවේ හිටපු පෙම්වතිය. ඇත්ත ජීවිතෙ පෙම්වතිය නෙමෙයි. වොල්ගා මගෙ පෙම්වතිය, එයාව කසාද බඳිනවා කියලා මට ලෝකෙටම කියාගෙන ඉන්න ඕන වුණේ නෑ. හැබැයි දෙන්නා ඇත්ත ජීවිතෙ පෙම්වතුන් කියලා කාලෙකට කලින් පිළිගත්තා නේද? වොල්ගා මගෙ මියුසික් වීඩියෝවේ රඟපෑවට පස්සෙ, ගොසිප්වල එක එක කතා ගියා. ඊට පස්සෙ වොල්ගා මගෙ ඇත්ත ජීවිතෙ පෙම්වතිය කියලා මිනිස්සුම හිතාගත්තා. එයා මගෙ ඇත්ත ජීවිතෙ පෙම්වතිය කියලා පිළිගන්න මම කැමැති නැහැ. විවාහයක් පොතෙ අත්සන් කරනවා වගෙ අපෙ ආදර සම්බන්ධයක් ගැන කොහෙවත් ලියලා නැනෙ. මම කෙනෙක්ට ආදරේ කරනවා නම් ඒ කෙනත් මට ආදරෙ කරන්න ඕනෙ. නමුත් එහෙම දෙයක් මෙතන නෑ. එහෙම නැති දෙයක් පස්සෙ ගිහින් ආදරය කරන්න ඔනේ නෑනෙ. නොකියා කියන්නෙ වොල්ගා මේ සම්බන්ධය ඉදිරියට ගෙනිච්චේ නෑ කියලද? වොල්ගා තවම අතීතය එක්ක ජීවත් වෙන්නෙ. එයා විවාහ වෙලා හිටපු කෙනෙක්. මම විවාහ වෙලා හිටියෙ නෑ. ඒ නිසා මම විවාහයක් ගැන තීරණයක් ගනිද්දි හරියට ඒ තීරණය ගන්න ඕනෙ. වොල්ගා මගෙ පෙම්වතියය, එයාව බඳිනවාය කියන්න මට ඕනෙ නෑ. එයා තාම ජීවත්වෙන්නෙ අතීතය එක්ක.. මීට කලින් විවාහ වෙලා නෑ කිව්වට බිනෝෂ් විවාහ වෙලා දරුවෙකුත් ඉන්න තාත්තා කෙනෙක් කියලා කතා පැතිරුණානෙ. වොල්ගා එක්ක සම්බන්ධයක් පටන් ගත්තෙ දරුවයි බිරියයි අතහැරලලු. ඔහොමයි කතා ඇහුණෙ.ඔය කතා වලින් බේරෙන්නද ඔයා හදන්නෙ? වොල්ගා කියන්නෙ රූපවාහිනියෙ අතුරු මිතුරු වැඩසටහන කරන කාලෙ ඉඳන් මම හඳුනාගෙන හිටපු කෙනෙක්. හොඳම යාළුවෙක්. මම එයාව මගෙ මියුසික් වීඩියෝවට ගත්ත නිසා ඒකෙ වොල්ගා පෙම්වතිය වුණ නිසා හැමෝම හිතුවෙ එයා මගෙ පෙම්වතිය කියලා. මට කාගෙවත් කතාවලින් බේරෙන්න ඕනෙ නෑ. මම කාවවත් කසාද බැඳලා හිටියෙ නැහැ. මට ළමයෙකුත් නැහැ. වොල්ගාගෙ අතීතයට සම්බන්ධ අය එකතු වෙලා තමයි ඔය කතා හැදුවේ. මම ඒක බය නැතුව කියනවා. වොල්ගාව විවාහ කරගන්න හිතලා නැත්නම් බිනෝෂ් වෙන කෙනෙක්ව විවාහ කරගන්න සැලසුම් කරගෙනද ඉන්නෙ? මගෙ පවුලෙ අය විවිධ තරුණියන් ගැන යෝජනා අරගෙන එනවා. මගේ හිතෙත් සමහර අය ඉන්නවා. තව ගීත කිහිපයක් කරලම විවාහය ගැන හිතන්න තමයි සැලසුම තියෙන්නෙ දැන් එතකොට ජීවිතෙ වෙලා තියෙන්නෙ සංගීතයද? සංගීතය මගෙ ජීවිතය වෙලා අවුරුදු 31 ක් වෙනවා. මගෙ පවුලෙ අය කැමැති වුණෙ මම ව්‍යාපාර පැත්තට යොමුවෙනවට. ඒ නිසා මම ව්‍යාපාර පැත්තටත් යොමු වුණා. දැන් මම මගෙ අක්කගෙ සැමියා එක්ක එකතු වෙලා කුළුබඩු ව්‍යාපාරයකුත් කරගෙන යනවා. හැබැයි සංගීතය ගැන උණ අඩු වුණේ නැති නිසා සංගීතයට බැහැලම වැඩ කරනවා බිනෝෂ් කියපු දේවල්වලට වොල්ගාගෙ නමත් ඈදෙන නිසා ඇත්ත නැත්ත දැනගන්න අපි වොල්ගාටත් කතා කළා. වොල්ගා මොනවාද මේ වෙන්නෙ.වොල්ගාගෙයි බොනෝෂ්ගෙයි ආදර කතාවට තිතක් තියලාද? මුළු ලංකාවම දන්නවා මම දික්කසාද වුණ නිළියක්. දික්කසාදයෙන් පස්සෙ මගෙ නම කිහිප දෙනෙක් එක්කම ඈදුණා. ඒ හැම එකක්ම ඇත්ත කතා නෙමෙයි. ගොසිප් සයිට් මේ කාලෙ උඩට ඇවිත්. ඒවායෙන් එක එක කතා මැව්වා. බිනෝෂ් මම පොඩි කාලෙ ඉඳන් දන්න කෙනෙක්. මම මියුසික් වීඩියෝවලට නිරන්තර සම්බන්ධ වෙන කෙනෙක් නෙමෙයි. මම බිනෝෂ්ගෙ අවලංගු කාසියක් වීඩියෝවට සම්බන්ධ වුණාට පස්සෙ ගොඩක් අය අපි දෙන්නාගෙ කතාව ඇත්ත ආදර කතාවක් කියලා කියන්න උත්සාහ කළා. කවර් පේජ් කරලා දෙන්නා එකතුවෙලා ආටිකල් දීලා දැන් කතා මාරුකරනවාවත්ද? කතා මාරු කරන්නෙ නෑ. අපි කවර් පේජ් කළා.ආදරවන්තයන්ගෙ දිනයට පිරිමියෙක්ට ළං වෙලා කළ ඡායාරූප නිසා බොහෝ අය අපි අතර සම්බන්ධයක් තියෙනවා කියලා හිතුවා. බිනෝෂ් කියන්නෙ හොඳ පිරිමියෙක්. මගෙ ජීවිතේ යම් යම් ප්‍රශ්න නැතිනම්, මගෙ මානසික මට්ටම හොඳ තත්ත්වයක තිබ්බා නම් එයා වගෙ පිරිමියෙක් එක්ක විවාහ වෙන්න ලැබීම වාසනාවක්. නමුත් මම බිනෝෂ් එක්ක විවාහ වෙනවා කියලා නෑ. ඒ කියන්නෙ වොල්ගා කා එක්කවත් විවාහ වෙන්නෙ නැද්ද? මම ආයෙත් විවාහ වෙන්නෙ නෑ කියලා තීරණය ගත්තෙ 2018 දී. මමත් සතුටින්, වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න කැමැතියි. නමුත් සමහර දේවල් නිසා මම නීත්‍යනුකූලව විවාහයකට කැමැති කෙනෙක් නෙමෙයි. නීත්‍යනුකූල විවාහය කියන්නෙ බොරුවක් හැබැයි විවාහ වෙලා දික්කසාද වුණ කෙනෙක්ට සමාජයේ තනියෙන් ජීවත් වෙන්න පහසු නෑනේද? මගෙ ජීවිතෙ විවිධ අත්දැකීම් මම විඳලා තියෙනවා. මම වින්ද දේවල් එක්ක මානසික පීඩනයකින් මම ජීවත් වෙන්නෙ. බිනෝෂ් සැමියෙකුගෙ චරිතයට හොඳටම ගැළපෙන කෙනෙක්. මෙතන තියෙන්නෙ මගෙ දුර්වලතාවයක්. මගෙ මානසිකත්වය ඉස්සෙල්ලම හදාගන්න ඕනෙ. ඊට පස්සෙ තීරණය කොහොම වෙයිද දන්නෙ නෑ. නමුත් මම නීත්‍යනුකූල විවාහය විශ්වාස කරන්න කෙනෙක් නෙමෙයි. තිළිණි රාජපක්ෂ
 

More News..