brand logo

වොක්ෂෝල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කටයුතු අසාර්ථකයි - මහ මැතිවරණ මෙහෙයුම් කටයුතු කරන්න ඕන සිරිකොතේ

15 December 2019

වොක්ෂෝල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ කටයුතු ගැනත් අවධානය යොමුවූ අතර ඒ වෙනුවෙන් වූ යෝජනාවක් ද රනිල් පාර්ශ්වය විසින් කමිටුවට ඉදිරිපත් විය. ‘‘මීට පස්සේ වෝක්ෂෝල් වීදියේ කාර්යාලයේ කළා වගේ වැඩ කරන්න බෑ... එතැන මැතිවරණ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අසාර්ථකයි... ඉදිරියේ දී මහ මැතිවරණ මෙහෙයුම් කටයුතු කරන්න ඕන සිරිකොත පක්ෂ මූලස්ථානයෙනුයි...’’ එයට සජිත් පාර්ශ්වයෙන් එකඟතාවක් හෝ නොඑකඟතාවක් පළ නොවුණි. කමිටු සාකච්ඡාව ද එකඟතාවකින් තොරව අවසන් විය. ඉන් පසුව සාකච්ඡාවේ ප්‍රගතිය වාර්තා කිරීම සඳහා රනිල් පාර්ශ්වයේ කණ්ඩායම රනිල් වෙත ද සජිත් පාර්ශ්වයේ කණ්ඩායම සජිත් වෙත ද ගියේ ය.
 

More News..