brand logo

වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් ශ්‍රි පාද විද්‍යා පිඨය තාවකාලිකව වසා දැමේ

30 January 2020

අධ්‍යාපන සහ උසස් අධයාපන අමාතංශය යටතේ පාලනය වන හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨය තුල වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්යයාලයේ නිලධාරින් විසින් එම විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට අද (30) දින උපදෙස් දි ඇත. ලබන 5 දින තෙක් මෙම විද්‍යා පිඨය වසා දමන ලෙසයි කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්යයාලයේ නිලධාරින් පිඨාධිපතිට උපදෙස් ලබා දි ඇත්තේ. එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 200 කට ආසන්න පිරිසකට ඊයේ (29) දින සිට උණ රෝගය සහ ස්වසන අපහසුතා ඇති විම නිසා කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර , අද (30) දිනයෙත් ගුරු සිසුන් 50 කට ආසන්න පිරිසක් කොටගල ප්‍රාදේශිය රෝහලෙ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරින් වෛද්‍යය සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවේ. එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන තවත් සිසුන් පිරිසක් දික්ඔය මුලික රෝහල වෙත යොමු කල බව කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරිය පැවසිය. ශ්‍රි පාද විද්‍යා පිඨය තුල වෛරස් උණ රෝගයක් පැතිර යාම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍යය පරික්ෂවරුන් විසින් විද්‍යාපිඨය තුල විමර්ෂණයක් සිදු කරන බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය අධිකාරිවරයා කියා සිටිහ. ඡායාරූප සහ සටහන වටවල සිතාර ඉරාෂ්
 

More News..