brand logo

වෛද්‍ය සිසුවියක් යාපනයේදී ඝාතනය කරයි - සැකකරු අත්අඩංගුවට

22 January 2020

යාපනය, වෛද්‍ය පීඨයේ අධ්‍යාපන ලද වෛද්‍ය සිසුවියක් අද (22) දහවල් යාපනය පන්නෙයි ප්‍රදේශයේදී ඝාතනය කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි. යාපනය ආරක්ෂක අංශ පැවසුවේ ඇයගේ පෙම්වතා බවට සැක කරන පුද්ගලයෙකු විසින් අදාළ ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක කරන බවයි. සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු යුද හමුදාවේ සේවයේ සේවය කරන සෙබළකු බව ද තොරතුරු වාර්තා වේ. බේරුවල ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය සිසුවියක් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවට ආරක්ෂක අංශ පවසති. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..