brand logo

වෛද්‍ය සැපයුම් අංශයේ සේවකයෙක්ට කොවිඩ්

03 December 2020

වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවේ සේවය කළ අක්මිමන කරැන්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙකි පුද්ගලයා සේවය කළ ස්ථානයේ දි මිට පෙර ආසාදනය වු පුද්ගලයකුගේ ආශ්‍රිතයකුවන අතර ඉන් පසු මොහු දින 14ක කාලයක් නිවස තුල නිරෝධායනය වෙමින් සිටියේය. නිරෝධායන කාලය අවසන් විමෙන් පසු කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මොහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මොහු හම්බන්තොට රෝහල වෙත වැඩිදුර ප්‍රථිකාර සදහා යොමුකිරිමට කටයුතු කර තිබේ. එච් එම් සමන් - අක්මීමන
 

More News..