brand logo

වෛද්‍ය ලාංඡන අවභාවිතාකර කුඩු ඇද්ද පුද්ගලයෙක් අත්අඩංගුවට

07 June 2021

වෛද්‍ය ලාංඡනය හොරට අලවා මෝටර් රථයකින් කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයකු සහ නාවික හමුදා ලාංඡනය තිබෙන ක්‍රීඩා ඇඳුමකින් සැරසී ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයකු මරදාන සංඝරාජ මාවත පොලිස් මාර්ග බාධකයේදී අත් අඩංගුවට ගෙන තිබේ. හමුදා ලාංඡනය තිබෙන ක්‍රීඩා ඇඳුමකින් සැරසුන පුද්ගලයා ත්‍රිරෝද රථයකින් මත්ද්‍රවය ප්‍රවාහනය කිරීමේදී හසුවී ඇත. මේ අනුව සැකකරුවන් සතුව තිබී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 05 සහ ගංජා ග්‍රෑම් 38ක් පොලිස් බාරයට ගෙන තිබේ. .
 

More News..