brand logo

වෛද්‍ය පීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළට

09 September 2020

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සදහා ඇතුළත් කරගන්නා සිසු සිසුවියන්ගේ ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ එම සංඛ්‍යාව 369ක් දක්වා ඉහළ නංවන බවයි. 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ඒ සඳහා ඉඩකඩ වෙන්කරගන්නා බව ඒ මහතා පැවසීය. වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, විද්‍යා, කෘෂිකර්ම, කලා, පරිගණක තාක්ෂණ ඇතුළු පීඨ වෙත බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ද ඉහළ දැමීමට නියමිතයි. පීඨවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාවන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරිමට අපේක්ෂා කරන බව සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..