brand logo

වෛද්‍ය පාලිත අබේකෝන් වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස පත් කෙරේ

26 November 2018

වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. වසර 5 ක් සදහා බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා විසින් අද (26) එම පත් කිරීම සිදු කරන ලැබුවේ. පාලිත අබේකෝන් මහතා දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරීයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව සදහා මෙම පත්කිරීම සිදුකරනු ලැබුවේ.  
 

More News..