brand logo

වෛද්‍ය නිලධාරී සංගමයේ විරෝධය නොතකා පස්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 350ක් ලබාදීමට සැරසෙයි

16 July 2019

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විරෝධය නොතකා පස්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 350ක් ලබාදීමට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සුදානම් වෙයි. උතුරු - නැගෙනහිර ඇතුළු දිවයින පුරා දුෂ්කර ප්‍රදේශවල පිහිටි රෝහල් සඳහා මෙම වෛද්‍ය නිලධාරීන් පත් කිරීමට නියමිතය. මේ පිලිබඳ අවසන් තීරණයක් ගැනීමේ සාකච්ජාවක් සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. වෛද්‍ය පත්වීම් නාමලේඛනය සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීමෙන් පසු එහි නිර්දේශ මත පත්වීම් ලබාදීමට නියමිතව ඇත. මෙම පත්වීම් ලේඛනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අතර මත ගැටුමක් පවතියි.මෙම වෛද්‍යවරුන් පුහුණුව අවසන් කර වසරක් ගත වී ඇතත් මේ වන තුරු සේවා ස්ථාන නොලැබී ඇත. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පෙන්වා දී ඇත්තේ උතුරු - නැගෙනහිර රෝහල් සඳහා පමණක් මෙම වෛද්‍යවරුන් යොමු කල යුතු බවයි.එම ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යංශය විරෝශය පලකරන අතර දිවයින පුරා ආවරණය වන පරිදි වෛද්‍යවරුන් පත් කල යුතු බව පෙන්වා දෙයි. තවද රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් උතුරු - නැගෙනහිර සඳහා වෙනම වෛද්‍යවරුන් පත්කිරීමේ ලේඛන සකස් කිරීම 2017 වසරේ අහෝසි කර ඇත. දිවයින පුරා සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා දැනට සිටින වෛද්‍යවරුන් 17000 ප්‍රමාණවත් නොවන බවත් ඊට වඩා දෙගුණයකින් වෛද්‍යවරුන් වැඩි කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිගමනය වී ඇත. උදයජිව ඒකනායක
 

More News..