brand logo

වෛද්‍යවරුන්ට ගුවනින් යන්න ජෙට් ඇඳුමක්

30 September 2020

අසනීප වූ පුද්ගලයෙක්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා, වෛද්‍යවරයාට අසනීපවූ පුද්ගලයා වෙත ගුවනින් යා හැකි "ජෙට් ඇඳුමක්", එංගලන්තයේ "ග්‍රේට් නොර්ත් ගිලන්රථ සේවය" විසින් අත්හදා බලා තිබේ. සාමාන්‍ය තත්ත්වයක් යටතේ අසනීප වී ඇති පුද්ගලයා වෙත යෑමට වෛද්‍යවරයාට විනාඩි 30ක් ගතවන අතර නව ක්‍රමවේදය හේතුවෙන් තත්පර 90කින් පමණ යා හැකි බව ගිලන්රථ සේවයේ අධ්‍යක්ෂ, ඇන්ඩි මව්සන් පවසා ඇත. එය සුවිශේෂී ජයග්‍රහණයක් බව ද අධ්‍යක්ෂවරයා පැවසීය. විශේෂයෙන් ම හදවත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය වැදගත් වනු ඇති බව එම අත්හදාබැලීම් කළ ආයතනය පැවසීය.  
 

More News..