brand logo

වෛද්‍යවරුන්ගේ ප්‍රකාශයෙන් මාළු මිල ඉහළට

21 November 2020

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් කොවිඩ් ව්‍යාප්ති වීමත් සමග රට පුරා ධීවරයින්ගේ මාළු අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සීඝ්‍ර ලෙස පහත වැටුණු මාළු මිල පසුගිය සති අන්තය වන විට යළිත් ඉහළ ගියේය. තොග කිලෝග්‍රෑමයක් රුපියල් 100-150ත් අතර මිලකට පහත වැටී තිබූ ලින්නා මාළු මිල පසුගිය සතිය අන්තය වන විට සුපුරුදු පරිදි රුපියල් 280-300 අතර මිලකට ඉහළ ගොස් තිබුණි. එමෙන්ම තලපත් හා තෝරා තොග කිලෝ ග්‍රෑමය රුපියල් පන්සියකට අඩුවෙන් අලෙවි වූ අතර මේ වන විට එහි තොග මිල 600-700 දක්වා ඉහළ ගොස් ඇත. කොරෝනා වයිරසය මාළු මගින් ව්‍යාප්ත නොවන බවට වෛද්‍යවරුන් සඳහන් කිරීමත් සමග මාළු සඳහා මේ වන විට වැඩි ඉල්ලුමක් පවතින බව ධීවරයෝ හා ව්‍යාපාරිකයෝ සඳහන් කරති. චමින්ද සේනාරත්න
 

More News..