brand logo

වේරහැර අක්කර 10කට පළාත් සභාවෙන් හොර ගිවිසුමක්

07 September 2019

වේරහැර, තුම්බෝවිල පිහිටි අක්කර දහයක පමණ ඉඩමක මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කිසිදු නීතිමය අනුමැතියකින් තොරව බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පෞද්ගලික සමාගමක් සමග විසි දෙවසරක ගිවිසුමකට එළඹ ඇත. කැස්බෑව ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් මෙම ඉඩම ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ ප්‍රාදේශීය ලේකම් විසින් බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියට පවරා තිබේ. එලෙස පවරා ඇත්තේ ඉඩම විකිණීම, හුවමාරු කිරීම, බදු දීම හෝ කුලියට දීම හෝ නොකළ යුතුය යන කොන්දේසි මතය. එසේ තිබිය දී මහා පරිමාණ විදුලිය ජනන ව්‍යාපෘතියක් සඳහා 2017 වසරේ ජුනි මාසයේ දී අධිකාරිය පෞද්ගලික සමාගම සමග ගිවිසුම් ගත වී තිබේ. ගිවිසුමේ අනුකූලතාව පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් හෝ ලබා ගැනීමට අධිකාරිය කටයුතු කර නැත. කෙසේ වුවද එම ගිවිසුමට අනුව දෙපාර්ශ්වය ඉඩම් පරිහරණ ගිවිසුමකට එළඹිය යුතුව ඇති නමුත් එවැනි ගිවිසුමකින් තොරව පෞද්ගලික සමාගම එහි ඉදිකිරීම් පවා ආරම්භ කර තිබෙන බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් වාර්තාවක් පවා ලබා ගෙන නැතැයි ද විගණනයෙන් තවදුරටත් හෙළි වී ඇත. නිලන්ත මදුරාවල
 

More News..