brand logo

වේදිකාවේ කට්ට පට්ටයි

04 December 2021

ඔහුව මේ දිනවල බොහෝ දෙනා හඳුන්වන්නේ බණ්ඩා කියන නමින්. උස කඩවසම් සුන්දර තාරකාවන්. ප්‍රේක්ෂකයන්ගේ සිහින කුමරා වෙන කොට ඒ සියල්ල අබිබවා යන්නට කෙසඟ රැවුල වවාගත් පුංචි බණ්ඩාට හැකි වෙලා.ඉතින් කුසල් මධුරංග සමග කතා නොකර කොහොමද? මේ දවස්වල පොරක් නේද? අනේ නැහැ. එදා වගේම අදත් මහපොළොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්. උප්පැන්න සහතිකේ ලියැවුණේ කොහෙද? මම උපදින්නේ නාවලපිටිය ඉස්පිරිතාලෙ. හැබැයි මට මතක තියෙන්නෙ නුවරඑළියේ උපන්ගම කියලයි. ඒ වගේම පුංචි කාලෙම හොරණට ආපු නිසා මගේ පුංචි කාලේ හැම මතකයක්ම තියෙන්නෙ හොරණ. ගමේ යන්නෙ නැද්ද? නාවලපිටියට නම් යැවෙනවා අඩුයි. හැබැයි සිංහල අවුරුද්දට නුවරඑළි යනවා. අකුරු කරන්න ගියේ. මුලින්ම ඉස්කෝලේ ගියේ ගෝනපොළ පලන්ඔරුව මහා විද්‍යාලයට. ශිෂ්‍යත්වය ෆේල් වුණාම යන්න ඉස්කෝලයක් නැති වුණා. ශිෂ්‍යත්වෙ පාස් වෙන අයට ඉස්කෝල තිබුණට ෆේල් වෙන අයට ඉස්කෝල නැහැනේ. ඉතින් මොකද කළේ. ශිෂ්‍යත්වය ෆේල් වෙන අය ඔක්කොම ගියේ හොරණ විද්‍යාරත්නයට. ඒ කාලේ හිතාගෙන උන්නේ හදන්න බැරි අය ඔක්කොම ඉන්නේ විද්‍යාරත්නෙ කියලා. නමුත් විද්‍යාරත්නෙන් බිහි වෙච්ච හැම කෙනෙක්ම රටට වැඩදායී කෙනෙක් වුණා කියලා මම කියන්නේ ආඩම්බරයෙන්.   ඒ කියන්නේ ඔබ ඉපදෙන්නේ විද්‍යාරත්නයෙන්. මුළු ගැලවිලා උන්න ළමයෙක් වෙච්ච මම සමාජ ගතවෙන්නේ විද්‍යාරත්නයෙන්. මට තාම මතකයි දහම්පාසලේ නාට්‍යයක් රඟපාලා 6 වසරෙදි මම සහතිකයක් ලබා ගත්තා. වොලිබෝල් කෝඩ් එකේදි නළුවෙක් වෙච්ච කතාව මොකක්ද? ජගත් ප්‍රේමලාල් සර් සහ පුබුදු ප්‍රභාෂණ සර් නාට්‍යයට කට්ටිය තේරුවෙ වොලිබෝල් කෝඩ් එකේ ඉඳන්. කැන්ටිම පැත්තෙ උන්න මාවත් යාළුවෙක් මෙතෙන්ට ගෙනත් වොලිබෝල් කෝඩ් එකට තල්ලු කළා. එදා මමත් නාට්‍ය කාරයෙක් වුණා. විදුර අබේනායක සර්වත් මතක් කරන්න ඕන. පාසල් මතකය ගැනත් කියන්න. 2008 වසරේ සමස්ත ලංකා පාසල් නාට්‍ය උළෙලේ හොරගෙඩියා නාට්‍ය වෙනුවෙන් හොඳම සහාය නළුවා වුණා. මම ඒකේ රඟපෑවේ කුඹියෙක්ට. එතකොට මගේ වයස අවුරුදු 12යි. ඊට පස්සේ 2018 වසරෙදී සමස්ත ලංකා නාට්‍ය උළෙලේ එක්ෂිබිෂන් නාට්‍ය වෙනුවෙන් හොඳම නළුවා වුණා. ඒ වගේම අභින නාට්‍ය උළෙලේත් එම සම්මානයම ලැබුණා.   ගෙදර තිබුණේ මොන වගේ පරිසරයකද? මම එකම දරුවා. එකා යකා කියලා කිව්වට අම්මටයි අප්පචිටයි උන්නේ මම විතරක් නිසා ලොකු වගකීමක් තිබුණා. ඒ වගකීම ඉෂ්ට කරන්න හුඟාක් මහන්සි වුණා. කලාවට යනවට ගෙදරින් කැමැති වුණාද? මුලින්ම අකැමැති වුණා. නමුත් වැඩ පෙන්නලා සම්මානයක් දෙකක් ගෙදරට අරගෙන යනකොට ඒ අකමැත්ත කැමැත්තක් බවට පත්වුණා. ප්‍රශ්න නැති ළමා කාලයක්ද තිබුණේ.? ගෙදරින් හැම දෙයක්ම කළා. නමුත් මම නිකම් උන්න ළමයෙක් නෙවේ. හැම වෙලේම කීයක් හරි හොයන්න උත්සාහ කළා. කිසි කෙනෙක්ට බරක් නොවී ඉන්නයි මට ඕන වුණේ. කොළඹ වේදිකාවට ගොඩවෙන්නේ කොහොමද? සාමාන්‍ය පෙළ කරලා ඉන්නකොට ධර්මප්‍රිය ඩයස්ගේ ජූලියට් ජීසර් නාට්‍යයේ ඔඩිෂන් එකට යන්න අවස්ථාව ලැබුණා. එදා තමා දැනගත්තේ අවුරුද්දට නාට්‍ය 40ක් විතර හදන නාට්‍ය කලාවක් කොළඹ තියෙනවා කියලා. එතැනින් තමා දෙවැනිපාර ජීවිතේ පටන් ගත්තේ.   කාලයක් ඔබ වේදිකා පරිපාලන ශිල්පියෙක් වෙනවා. වේදිකාව කියන්නේ දැවැන්ත තැනක්. ලොකු නාට්‍යවල රඟපාන්න කලින් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා දැනුණා. ජයලත් මනෝරත්න, ගිහාන් ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි වේදිකාවෙ හැසිරෙන හැටි පිටිපස්සේ ඉඳන් බලාගෙන උන්නා. හොඳට නිරීක්ෂණය කළා. රඟපෑම් ඉවරයි, සුද්දෙක් ඔබ අමතයි නාට්‍යවල වේදිකා පරිපාලක වෙලා ඉගෙන ගත්තේ ඒ දේවල්. වේදිකාවේ ඉන්න අය ටෙලිවිෂණයට එන්න වැඩි කැමැත්තක් නැහැ නේද? හැබැයි මෙතන තියෙන්නේ වෙනම කතාවක්. ටෙලිනාට්‍ය කරුවන්ට වේදිකාවේ ඉන්න අයව හසුවන්නේ කලාතුරකින්. හැබැයි ටෙලිවිෂනය හා සිනමාවේ දැවැන්තයන් වෙලා ඉන්නෙ වේදිකාවෙන් ආපු අයම තමයි වේදිකාව කට්ටක්ද? හැම දෙයක් තුළම කට්ටක් තියෙනවා. හැබැයි වේදිකාවේ කට්ට හරිම සුන්දරයි. මොකද ඒක සජීවී කලාවක්.. ලොකු වගකීමකින් තමයි වේදිකා නළුවා රඟපාන්නේ.   නමුත් ඔබ වේදිකාව අත්හරින්න සූදානම් නැහැ නේද? අනිවාර්යයි. කොරෝනා කාලේ නාට්‍යකරුවා හොඳමට අසරණ වුණා. නමුත් ඒ දේවල් දරාගෙන අපි තාමත් මාස ගාණක ඉඳන් වේදිකාවේ පුහුණුවීම් කරනවා. මැරුණත් වේදිකාව අත්හරින්න බැහැ. ඔබ දැන් ජනප්‍රිය පුංචි තිරය තුළ සිහින සමාගම හා බස් එකේ ඉස්කෝලේ නාට්‍යවල රඟපාලා උන්න මාව පාර දිගේ නාට්‍ය සඳහා යෝජනා කරලා තියෙන්නෙ තිලාන් වර්ණජිත්. ඒ හරහා තමා මට අවස්ථාව ලැබෙන්නේ. දැන් හැමෝම ඔබව දන්නෙ බණ්ඩා හැටියට. මගේ ජීවිතේට ලැබුණු සුන්දරම තෑග්ග තමයි බණ්ඩා. සද්ධා මංගලසූරියබණ්ඩාර සහ ශිවගුරුනාදන් මහත්වරුන්ට ගොඩාක් ස්තුතියි මාව බණ්ඩා කළාට. බණ්ඩාගේ චරිතයේ පිටපත දැක්කාම මොකද හිතුණේ. පිටපත අතට ගත්තාම ලොකු ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. අධ්‍යක්ෂතුමා කිව්වෙ ඔය චරිතය වතුර වගේ කියලා. භාජනයේ හැඩය අනුව වෙනස් වෙනවා වගේ මටත් වෙනස් වෙන්න කිව්වා. ඇයි ගේම්කාරයෙක් මෙච්චර ජනප්‍රිය මිනිසුන්ගේ ආකල්ප දැන් වෙනස්. කොච්චර ගේම් ගැහුවත් ඔහු තුළ තියෙන මනුස්සකම මිනිස්සුන්ට පේනවා. අනික සුකුමාල නළුවාට ආදරය කරපු ක්‍රමය දැන් වෙනස්. මේ ළඟදි පොලිසියේ මහත්තුරු දෙන්නෙක් ඇවිත් මාත් එක්ක සෙල්ෆියක් ගැහුවා. මමත් විහිළුවට වගේ කිව්වා පික් පොකට් කාරයෙක් එක්ක ෆොටෝ ගැහුව පළමුවෙනි වතාව නේද කියලා. ඔබට මේ වතු සමාජය හුරු වුණේ කොහොමද? මම මහ පාරේ ජීවත් වෙන කෙනෙක්. පාරේ බස් එකේ යනවා. පෝලිම්වල ඉන්නවා. පාරවල් ගානේ රස්තියාදු වෙනවා. හැම ජීවිතයක්ම ඇස් දෙකටම දැකලා තියෙනවා. මටත් බණ්ඩා කියලා යාළුවෙක් ඉඳලා තියෙනවා. අනාගතය කොහොමද? ටෙලිනාට්‍ය කීපයකට කතා කළා. කොහොමටත් මගේ ජීවිතේ ලොකු ප්ලෑන් නැහැ. ලැබෙන හැටියට කරලා නිදහසේ ජීවත් වෙනවා. ඔබත් වෘත්තිය කලාකරුවෙක්ද ? තාම මම රස්සාවක් නම් කරලා නැහැ. රඟපාන්න විතරයි දන්නෙ. හැබැයි කොළඹ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් කරනවා. ඉස්සරහට රැකියාවක් කරන්න ඕනේ. ඇයි රඟපාලා ජීවත් වෙන්න අමාරුද? ජීවත් වෙන්න මුදල් ඕනේ. වෘත්තිය නළුවෙක් වුණොත් ලැබෙන හැම චරිතයක්ම කරන්න වෙනවා. මොකද මුදල් නිසා. රැකියාවක් කළොත් කැමැති චරිතය කරලා ඉන්න පුළුවන්. ඉතින් හොඳ නළුවෙක් වෙන්නයි මට ඕන. ඔබ විවාහකද? තාම නැහැ.යෝජනාත් එනවා. ගෙදරිනුත් කියනවා. නමුත් මම කැමැතියි ටික දවසක් නිදහසේ ඉන්න. තාම ඒ ලොකු වගකීම් ගන්න මම සූදානම් නැහැ. ලැබුණු හොඳම ප්‍රතිචාරය මතකද? මම ළඟදි රූපගත කිරීමකට ඇඹිලිපිටි ගියා. ටෙලිනාට්‍යයේ බණ්ඩාගේ ගමත් ඇඹිලිපිටියනේ. ඉතින් ඒ ගමේ මිනිස්සුන්ගේ මාර ප්‍රතිචාරයක් ලැබුණේ. මටත් නිකන් ගමේ ගියා වැනි හැඟීමක් දැනුණේ. ලංකාවේ කලාකාරයෙක් වීම සමහරු පවක් ලෙස දකිනවා. පවක් නම් ඇයි එතන ඉන්නේ. දමලා ගහලා යන්න පුළුවන්නේ. මම නම් දකින්නේ කලා කාරයෙක් වීම පිනක්. මේ රටේ දුප්පත් මිනිසුන්ගේ ආදරය ලබනවා කියන්නේ මහ මෙරක් වගේ. ලෝක මට්ටමින් අපි ඉන්නේ ප්‍රාථමික මට්ටමකවුණත් ඒ ආදරය රත්තරන්. රැවුල කපන්න කැමැතිද? ගිය සතියේ රැවුල කැපුවොත් චරිතයක් දෙන්නම් කිව්වා. මම ඒ චරිතය ප්‍රතික්ෂේප කළා. මේ රූපගත කිරීම් නිමා වෙනකම් රැවුල කපන්න බැහැ. දුෂේනි ගැන මොකද හිතෙන්නෙ? පට්ට හොඳ කෙල්ලෙක්. ඇත්තටම ෆීල්ඩ් එකේ මට මුණ ගැහුණ හොඳම යාළුවෙක්. උඩඟුකමක් නැති හොඳ හිතක් දුෂේනිට තියෙන්නෙ. අමතක නොවන චරිතය ජයලාල් රෝහණ රංගන ශිල්පියාව කවදාවත් අමතක වෙන්නෙ නැහැ. පුදුමාකාර අව්‍යාජ නිරහංකාර මනුස්සයෙක්. ඔබට ඕන කවුරු වෙන්නද? මට ඕන මම වෙන්න. හරිම සරල සාධාරණ මනුෂ්‍යයෙක් වෙන්න. මොන ප්‍රශ්නය ආවත් මහ පොළොවෙ ඉන්න ඕන. පරිසරයට ආදරය කරන්න ඕන. කොවිඩ්වලින් පස්සේ තාම වේදිකාවකට ගොඩ වුණේ නැද්ද? දෙසැම්බර් 17 වැනිදා අතරමැදියා නාට්‍යයත් එක්ක එල්ෆිනිස්ටන් වේදිකාවට ගොඩ වෙනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඇවිත් යන්න එන්න. මොන ප්‍රශ්න කරදර ආවත් වේදිකාව තමයි ජීවිතේ. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..