brand logo

වෙළෙදපොළේ වාහන මිල ගණන්වල දැවැන්ත වෙනසක්

09 March 2022

ඩොලරය වාහන මිල තවත් ඉහළට ගෙන යයි

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු එක්සත් ජනපදයේ ඩොලරයක ගැණුම් මිල ඉහළයාමත් සමග ඉදිරියේදී වාහන මිල තවදුරටත් ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසයි. එමෙන්ම රට තුළ මේ වන විට භාවිතා කරන වාහනවල මිල ගණන් ද යළිත් වරක් දෙගුණ තෙගුණ වනු නොඅනුමාන බව ද එම ව්‍යාපාරිකයින් සදහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (09) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 229.99ක් ලෙස වාර්තා වන අතර, ගැණුම් මිල ලෙස වාර්තා වන්නේ රුපියල් 225.20කි. මෙවැනි තත්ත්වයක් තුළ වාහන ආනයනය තවදුරටත් කල් යනු ඇති බව වාහන ආනයනකරුවන් පවසයි.

එය එසේ වුවද රට තුළ භාවිතා කරන රථ වාහන අලෙවිකරන්නන් කෘතිම ලෙස ඉදිරියේදී විශේෂයෙන්ම මෝටර් රථවල මිල ඉහළ දමනු ඇති බවට ඔවුන් අනාවරණය කරයි.

කෙසේ වෙතත් මෙරට තුළ මේ වන විට සුසුකි ඇල්ටෝ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 30කට අධික මිලකට අලෙවි වන බව අන්තර්ජාලයේ වාහන අලෙවිකරන වෙබ් අඩවි වල දැක්වේ. පහතින් දැක්වෙන්නේ මෙරට තුළ මේ වන විට ප්‍රචලිත වාහන කිහිපයක වර්තමාන මිල ගණන්..... ටොයෝටා - විට්ස් - 2018 - ලක්ෂ 80 ඉක්මවයි ටොයෝටා - ප්‍රිමියර් - 2017 - කෝටි එකහමාර ඉක්මවයි ටොයෝටා - ඇක්වා ජී - 2012 - ලක්ෂ 60 ඉක්මවයි හොන්ඩා - වෙසල් - 2014 - ලක්ෂ 80 ඉක්මවයි හොන්ඩා - ෆිට් - 2012 - ලක්ෂ 60 ඉක්මවයි හොන්ඩා - ග්‍රේස් - 2014 - ලක්ෂ 80 ඉක්මවයි නිශාන් - එක්ස් ට්‍රේල් - 2014 - කෝටිය ඉක්මවයි සුසුකි - වැගන් ආර් - 2014 - ලක්ෂ 44 ඉක්මවයි සුසුකි - ඇල්ටෝ - 2015 - ලක්ෂ 30 ඉක්මවයි සුසුකි - ජපන් ඇල්ටෝ - 2017 - ලක්ෂ 45 ඉක්මවයි මයික්‍රෝ - පැන්ඩා - 2015 - ලක්ෂ 25 ඉක්මවයි
 

More News..