brand logo

වෙළඳසැල්වල භාණ්ඩ කලවා තුළ සඟවා සොරකමේ යන කතුන් (වීඩියෝ)

19 November 2022

බූරු ගහන්න සල්ලි හොයන හොර කල්ලිය

පාරිභෝගික වෙස්ගෙන සංවිධානාත්මක ලෙස සුපිරි වෙළඳසැල්වලට ඇතුළු වි භාණ්ඩ සොරා ගැනීමේ නිරත එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් සහෝදරයෙක් සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි එම කල්ලිය විසින් සොරාගෙන තිබූ රුපියල් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න වටිනා මිලෙන් අධික කිරිපිටි ටින් , කුඩ , හිසකෙස් ගල්වන ආලේප, වේදනා නාශක පෙති , ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇත හැඳ සිටින සායට යටින් කලවා ප්‍රදේශය හොඳින් තද වන සේ මසන ලද ඇදෙන සුලු විශේෂිත කොට කලිසමක් ඇද පාරිභෝගිකයන් සේ සුපිරි වෙළඳ සැල් වලට ඇතුළු වන කාන්තාවන් තිදෙනා එහි තිබෙන කූඩයක් රැගෙන මිලෙන් අධික භාණ්ඩ ඒ තුලට දමාගෙන වෙළඳසැලේ පාළු ස්ථානයකට ගොස් එම භාණ්ඩ හැඳ සිටින විශේෂ කලිසම තුල රුවාගෙන භාණ්ඩ සොරා ගැනීම පුරුද්දක් කර ගෙන තිබූ බව පොලිසිය පවසයි. එක් අයකු භාණ්ඩ සඟවා ගන්නා අතරේ දී අනෙක් දෙදෙනා ඔත්තු බැලීම සිදු කර ඇත. භාණ්ඩ සොරා ගැනීමෙන් අනතුරුව වෙළඳ සැලේ සේවකයන්ට සැකයක් ඇති නොවන පරිදි අඩු මිල සඳහන්ව තිබෙන භාණ්ඩ කිහිපයක් පමණක් මුදල් අයකැමි වෙත ඉදිරිපත් කර වෙළෙඳ සැලෙන් පිට වීම සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සුපිරි වෙළෙඳ සැල තුළදී භාණ්ඩ කලිසම තුළ සඟවා ගැනීමට පෙර වෙළඳසැල්වල සවිකොට ඇති කැමරා පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන අයුරු දර්ශනවල පටිගත වී ඇතැයි පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු විසින් සොර කාන්තාවන් තිදෙනා වෙළඳසැල් කරා රැගෙන යාම සිදුකර ඇතැයිද පොලිසිය පවසයි. බස්නාහිර පළාත දකුණු දිසාව භාර අපරාධ කොට්ඨාසය වෙත කාන්තාවන් පිරිසක් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන සමඟ ලද පැමිණිලි දෙකක් අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයේදී සැකකාර කාන්තාවන් තිදෙනා සහ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළදීය. බහුතරයක් දෙනා පොලිසිවලට පැමිණිලි කර නැතැයි විමර්ශනවල දී හෙළි වෙයි සැකකාරියන් පදිංචි නිවස පරික්ෂා කිරීමේදී නිවස තුළ ගබඩා කර තිබූ මිලෙන් අධික කිරිපිටි ටින් ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි දහවල් කාලයට වෙළඳසැල් වලට සොරකමේ ගොස් එම භාණ්ඩ විකුණා ලබා ගන්නා මුදල් වලින් බූරු ගැසීම මොවුන් කාලයක සිට කර තිබූ බව පොලිසිය පවසයි. මෙම කල්ලිය විසින් අම්බලන්තොට සිට හලාවත දක්වා සුපිරි වෙළඳසැල් වලට වරින්වර යමින් දීර්ඝ කාලයක සිටසොරකමේ යෙදී ඇත. අත්අඩංගුවට ගත් කාන්තාවන් අතරින් වැඩිමල් සහෝදරිය විසින් මෙම කල්ලිය මෙහෙයවා ඇති අතර සොරකම් කරන සෑම භාණ්ඩයක්ම ඇය වෙත ලබා දීම සිදුකළ යුතුව ඇතැයි ද සෙසු සැකකාරියන් ගෙන් ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වී ඇත එම ප්‍රධාන සැකකාරියට මහාධිකරණයේ මත්කුඩු චෝදනාවක්ද විභාග වන බවත් පොලිසිය පවසයි මෙම සංවිධානාත්මක කල්ලිය මීට පෙරද අවස්ථා කීපයක දී පොලිස් අත්අඩංගුවට පත් තැනැත්තියන් බවත් පොලිසිය පවසයි සංවිධානාත්මක සොර කල්ලිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. https://www.youtube.com/watch?v=zhYf2eU8nd4
 

More News..