brand logo

වෙළද කළාප සේවකයන්ගේ මාර්තු මස වැටුප කඩිනමින් ලබා දෙන්න

30 March 2020

නිදහස් වෙළද කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාල අංශ වලින් ඉල්ලයි. ඇමතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් අනුව නිදහස් වෙළද කලාප වල කර්මාන්ත ශාලා හිමිකරුවන්ගෙන් මෙම ඉල්ලීම කර තිබේ. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලා හැර නිදහස් වෙළද කළාප වල සෙසු කර්මාන්ත ශාලා මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ. දිවයින පුරා නිදහස් වෙළද කළාප 14ක කර්මාන්ත ශාලා 278 ක සේවක සේවිකාවෝ 1,37,478 ක් සේවය කරති.
 

More News..