brand logo

වෙසක් පෝයට සිරකරුවන් 762කට ජනපති පොදු සමාව

16 May 2019

මෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට නියමිතය. මෙම උත්සවය වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී ජනාධිපති ප්‍රධානත්වයෙන් වෙසක් පුර පසළොස්වක පෝදා (18) පෙරවරු 10ට සිදු කිරීමට නියමිතව ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙසේ සිරකරුවන් සඳහා ජනාධිපති පොදු සමාව ලබා දීමට නියමිතය. සියලුම සිරකරුවන් සඳහා නිදහස ලබාදීම වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණය තුළ දී පමණක් සිදු කිරීම මෙවර විශේෂත්වයකි. ඒ සඳහා සිරකරුවන් 736 දෙනෙකු සහ සිරකාරිනියන් 26 දෙනෙකු නිදහස් කිරීමට නියමිතය.
 

More News..